
මහාමේඝ ධර්මයාත්‍රා
අසිරිමත් දඹදිව වන්දනාවක පින්බර අත්දැකීම විඳගන්නට…

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;
(1). ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(2). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(3). ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(4). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.
2025 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා පිටත් වීමට නියමිත වන්දනා ගමන් සඳහා දැන් ඔබට ලියාපදිංචි විය හැක. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව පහතින් ඩවුන්ලෝඩ් කරගත හැක.
පෙබරවාරි 12 සිට පෙබරවාරි 25 දක්වා
පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා
මාර්තු 15 සිට මාර්තු 28 දක්වා
අප ගැන
දුම්රිය ගමන් නොමැත. තමිල්නාඩුවේ චාරිකා නොකරයි. සියලු ගමන් සුඛෝපභෝගී බස් රථවල පමණි. ඔබේ ගමන දුෂ්කරතා රහිත සහ පින් උපදවන බව අපි සහතික කරමු. බුදුරජුන් උපන් දේශය – දඹදිව පුණ්‍යභූමි වන්දනා කොට අමතක නොවන අත්දැකීමක් ඔබේ ජීවිතයට එක් කරගැනීම සඳහා එක්වන්න අපගේ චාරිකාවන් සමග.
අදම ලියාපදිංචි වී, බොහෝ දෙනෙකුට ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි මෙම දඹදිව වන්දනා චාරිකා අත්දැකීම අපත් සමග විඳගන්න!
චාරිකා කරන ස්ථාන
අනෙකුත් ගමනාන්ත
- සැවැත් නුවර
- රජගහ නුවර
- දිල්ලි
- විශාලා මහනුවර
- කපිලවස්තු
අප හා සම්බන්ධ වීමට
ඔබ අපත් සමග දඹදිව වන්දනා චාරිකාවකට එක්වන්නට කැමති නම්, පහත පෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න. එවිට අපගේ චාරිකාවන් පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත ලැබෙනු ඇත. ඔබත් කැටුව බුද්ධභූමි වන්දනාවේ යන්නට අපි සතුටින් බලා සිටිමු.
Get in Touch
මහාමේඝ ධර්මයාත්‍රා සංවිධානය,
228/1, නව නුවර පාර,
පිට්ටුගල, මාළඹේ.
Email: dharmayathra@mahamegha.lk

© 2019- 2023 Mahamegha Dharmayathra (PVT) LTD