Mahamegha Dharmayathra Logo

මහාමේඝ ධර්මයාත්‍රා

අසිරිමත් දඹදිව වන්දනාවක පින්බර අත්දැකීම විඳගන්නට…

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;

(1). ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(2). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(3). ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

(4). ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.

බුදුරජාණන් වහන්සේ

මහා පරිනිබ්බාන සූත්‍රය - දී.නි. 2

2024 වර්ෂයේ අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයන්හි පිටත් වීමට නියමිත වන්දනා ගමන් සඳහා දැන් ඔබට ලියාපදිංචි විය හැක. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව පහතින් ඩවුන්ලෝඩ් කරගත හැක.

අගෝස්තු 18 සිට අගෝස්තු 31 දක්වා (දින 14)
සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර් 28 දක්වා (දින 14)
ඔක්තෝබර් 13 සිට ඔක්තෝබර් 26 දක්වා (දින 14)

අප ගැන

“මහාමේඝ ධර්මයාත්‍රා” වෙත සාදරයෙන් පිළිගනිමු. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන දුර්ලභ අසිරිමත් වන්දනාමය පූජාවන් රැසක් සමඟින් ඔබ මෙතෙක් අත්නොවිඳි අසමසම බුද්ධ භූමි වන්දනාවක අසිරිය විඳගන්න. අපගේ මීළඟ චාරිකාවන් 2024 අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල පිටත් වීමට නියමිතයි.

දුම්රිය ගමන් නොමැත. තමිල්නාඩුවේ චාරිකා නොකරයි. සියලු ගමන් සුඛෝපභෝගී බස් රථවල පමණි. ඔබේ ගමන දුෂ්කරතා රහිත සහ පින් උපදවන බව අපි සහතික කරමු. බුදුරජුන් උපන් දේශය – දඹදිව පුණ්‍යභූමි වන්දනා කොට අමතක නොවන අත්දැකීමක් ඔබේ ජීවිතයට එක් කරගැනීම සඳහා එක්වන්න අපගේ චාරිකාවන් සමග.

අදම ලියාපදිංචි වී ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි මෙම දඹදිව වන්දනා චාරිකා අත්දැකීම අපත් සමග විඳගන්න!

චාරිකා කරන ස්ථාන

සියලුම ගමනාන්ත
  • සැවැත් නුවර
  • අග්‍රා
  • සංකස්ස
  • රජගහ නුවර
  • දුර්ගේෂ්වරී
  • දිල්ලි
  • සංකස්ස
  • විශාලා මහනුවර

 

අප හා සම්බන්ධ වීමට

ඔබ අපත් සමග දඹදිව වන්දනා චාරිකාවකට එක්වන්නට කැමති නම්, පහත පෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න. එවිට අපගේ චාරිකාවන් පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත ලැබෙනු ඇත. ඔබත් කැටුව බුද්ධභූමි වන්දනාවේ යන්නට අපි සතුටින් බලා සිටිමු.


Get in Touch

මහාමේඝ ධර්මයාත්‍රා සංවිධානය,
228/1, නව නුවර පාර,
පිට්ටුගල, මාළඹේ.

071 645 7000
071 931 7000

Email: dharmayathra@mahamegha.lk

Buddha Rashmi Travels India

© 2019- 2023 Mahamegha Dharmayathra (PVT) LTD